නිසි ප්‍රතිසංස්කරණ මගින් සංවර්ධන ප්‍රමුඛතාවන් දිනා ගත හැකි බව චීන ජනපති කියයි
2022-07-28 20:07:45
Share with:

 වත්මන් ආර්ථික තත්ත්වය හා මෙම වසරේ දෙවන භාගයේ ආර්ථික කටයුතු පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂ නොවන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා විමසා බැලේ.

ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 25වනදා සාකච්ඡාවක් කැඳවා තිබිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා එම සාකච්ඡාවේ මුලසුන දරමින් වැදගත් දේශනයක් සිදු කළේය.  රටේ සංවර්ධනය සඳහා තව බොහෝ හිතකර උපායමාර්ගික අවස්ථාවන් පවතී. ආර්ථිකයේ ශක්තිමත් ඔරොත්තුදීමේ හැකියාව, විශාල සැඟවුණු හැකියාවන් මෙන්ම, කැපී පෙනෙන ප්‍රාණවත්භාවයක් පෙන්නුම් කර ඇත. එය දිගු කාලීනව යහපත්ව වර්ධනය වීමේ සමස්තය වෙනස් නොවීමේ පිළිබිඹුවකි.  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ මනා ලෙස ක්‍රියාත්මක කරමින්, කාලානුරූපව වෙනස් තත්ත්වයන් හඳුනා ගෙන, ඊට විද්‍යාත්මකව මුහුණ දී, මුල් කාලයේ දීම ප්‍රතිසංස්කරණ සිදු කළ හොත්, ඓතිහාසික අවස්ථා ග්‍රහණය කර ගෙන සංවර්ධනයේ ප්‍රමුඛතාවන් දිනා ගත හැකිය. නව තත්ත්වයන් හා නව ගැටළු ගැඹුරින් අධ්‍යයනය කර, සමාජ තත්ත්වය හා ජනමතයන් කෙරෙහි කාලෝචිතව අවධානය යොමු කර, ප්‍රායෝගික යෝජනා හා දූරදර්ශී සැලැසුම් ඉදිරිපත් කරන ලෙසට  චීන ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම