ප්‍රමාණවත් බුද්ධිය හා තීරණ ගැනීමේ හැකියාව අප්‍රිකාව සතු වන බව චීනය පවසයි
2022-07-27 18:41:06
Share with:

සහයෝගිතා හවුල්කරුවන් තෝරා ගැනීමේ ප්‍රමාණවත් බුද්ධිය හා තීරණ ගැනීමේ හැකියාව අප්‍රිකාව සතු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද(27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. අප්‍රිකාව අප්‍රිකානු ජනතාවගේ ය. අප්‍රිකාවේ සංවර්ධනයට අනුබල දීම ජගත් ප්‍රජාවේ පොදු වගකීමක් බව ඒ මහතා එහිදී පැවසීය.

මාධ්‍ය වාර්තාවකට අනුව, පසුගිය 26 වනදා  ඇමරිකාවේ අප්‍රිකානු විධානයේ අණදෙන නිලධාරී Stephen Townsend පැවසුවේ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථීක හා හමුදා ක්‍රියා භාවිත කරන චීනය හා රුසියාව අප්‍රිකාවේ අයුතු ලෙස ආයෝජනය කරමින් සිය බලපෑම් ව්‍යාප්ත කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් Zhao Lijian මහතා ප්‍රකාශ කළේ දිගු කාලයක සිට චීන-අප්‍රිකා පූර්ණ සහයෝගිතාව ඉහළ මට්ටමක පවත්වා ගනිමින් දේශපාලන, ආර්ථීක, සමාජීය හා ආරක්ෂක යන ක්ෂේත්‍රවල ජයග්‍රහණ හිමිකර ගෙන ඇත. එමගින් අප්‍රිකාවේ සංවර්ධන පහසුකම් මනා ලෙස යහපත් වූවා පමණක් නොව, එය ජගත් ප්‍රජාව අප්‍රිකාව සමඟ පවත්වන සහයෝගිතා සඳහා යහපත් පරිසරයක් ද නිර්මාණය කර ඇත.එය අප්‍රිකානු රටවල්වල හා ජගත් ප්‍රජාවේ පොදු ඇගයීමට ලක් ව ඇති බව Zhao Lijian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම