චීන ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවන ක්‍රියාදාමය ස්ථිර ව ඉදිරියට මෙහෙයවිය යුතු බව චීන ජනපති යළි අවධාරණය කරයි
2022-07-27 20:08:30
Share with:

'චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිගැනීම හා ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් දේශන අධ්‍යයනය කිරීම’ පිළිබඳ පළාත් හා අමාත්‍ය මට්ටමේ නිලධාරීන්ගේ වැඩමුළුව 26 වැනිදා සිට 27 වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්විණ.

නවීකරණ සමාජවාදී රටක් පූර්ණ ‍ලෙස ගොඩනගමින් ‘දෙවැනි සියවසේ ඉලක්කය’ කරා යන ගමනේදී, සමස්ත පක්ෂය චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී ධජය ඉහළට ඔසවා, මාක්ස්වාදයේ චීනකරණයේ හා නවීකරණයේ ප්‍රතිඵලයන්ගේ උපදෙස් අනුව, චීන ලක්ෂිත සමාජවාදී මාර්ගයේ ස්වයං විශ්වාසය, සිද්ධාන්ත විශ්වාසය, ක්‍රමවේද විශ්වාසය, සංස්කෘතික විශ්වාසය තහවුරු කළ යුතු බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. එමෙන්ම චීන ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවන ක්‍රියාදාමය ස්ථිර ව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු කීය.

නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනැගීමට නව පිටුවක් ලිවීම සඳහා, නව යුගයේ මෙම නව ගමන පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යභාරය ස්ථිර ලෙස ඉටු කරමින් නව සිතුවිලි, නව උපායමාර්ග, නව විධිවිධාන ඉදිරිපත් කිරීමෙහි ද නියැළී සිටිය යුතු යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම