මැද පෙරදිග සාමකාමී ක්‍රියාවලිය පිළිබද බලපෑම සහිත ජාත්‍යන්තර සාම සමුළුවක් පවත්වන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2022-07-27 09:51:15
Share with:

මැද පෙරදිග සාමකාමී ක්‍රියාවලිය වෙනුවෙන් වඩාත් වැඩි බලපෑම සහිත ජාත්‍යන්තර සාම සමුළුවක් පවත්වන ලෙසට චීනය ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප ස්ථාවර නියෝජිත Gengshuang මහතා ඊයේ(26) පැවති මැද පෙරදිග පලස්තීන ප්‍රශ්නය පිළිබඳ විවෘත සමුළුවේදී මේ බව පැවසීය. දේශපාලන ක්‍රමයෙන් පලස්තීන ප්‍රශ්නය විසඳීමේ ඵලදායික මාර්ගය ගවේෂණය කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් හා මැද පෙරදිග සාමකාමී ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්ව ඊට එක්වීමට චීනය ආරාධනා කරන බව ද Gengshuang මහතා කියා සිටියේය.

පලස්තීන ප්‍රශ්නය මැද පෙරදිග ප්‍රශ්නයේ හරය වන අතර එය ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය හා සම්බන්ධ වේ. මැද පෙරදිග රටවල උපාය මාර්ගික හවුල්කාරී රටක් ලෙස චීනය මුල සිට ම මැද පෙරදිග රටවල් එකමුතුවෙන් ප්‍රාදේශීය ආරක්ෂක ප්‍රශ්නය විසඳීමට හා මැද පෙරදිග ජනතාවට ස්වාධීන ලෙස සිය වර්ධන මාර්ගය ගවේෂණය කිරීමට අනුබල දෙන බව Gengshuang අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම