චීන ජනාධිපති ආර්යාව හා ඉන්දුනීසියානු ජනාධිපති ආර්යාව අතර හමුවක් බෙයිජිං හිදී
2022-07-27 10:16:28
Share with:

චීන ජනාධිපති ආර්යා  පන්ග් ලියුවාන් මහත්මිය ඊයේ (26) බෙයිජිං හිදී ඉන්දුනීසියානු ජනාධිපති ආර්යා Iriana Joko Widodo මහත්මිය හමු වූවාය.

චීනය සහ ඉන්දුනීසියාව එකිනෙකාට වැදගත් අසල්වැසියන් බවත්, දෙරට අතර මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත්  පන්ග් ලියුවාන් මහත්මිය පැවසුවාය. මෑත වසරවලදී, දෙරට අතර සබඳතා වඩ වඩාත් සමීප වී ඇති අතර පුද්ගල  හුවමාරුව ද ඉතා සක්‍රීය වී ඇත. චීන සංචාරකයින් කැමත්ත දක්වන දෙවන විශාලතම සංචාරක ගමනාන්තය ඉන්දුනීසියාවයි. අදාළ ක්ෂේත්‍රවල දෙපාර්ශවය අතර හුවමාරු තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපති ආර්යාව පැවසුවාය.

බෙයිජිං හිදී පැරණි මිතුරන් නැවත දැකීම ගැන තමා ඉතා සතුටට පත් වූ බවත්, තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීමට ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පන්ග් ලියුවාන් මහත්මිය වෙත ස්තුතිය පළ කරන බවත් Iriana Joko Widodo මහත්මිය පැවසුවාය. එමෙන්ම, වැඩි චීන සංචාරකයින් ඉන්දුනීසියාවට පිළිගන්නා බවත් ඉන්දුනීසියාව සහ චීනය අතර  දිගුකාලීන මිත්‍රත්වය තවත් ශක්තිමත් වනු ඇතැයි ද ඇය ප්‍රාර්ථනා ක‍ළාය.

චීන සංගීත සංරක්‍ෂණාගාරයේ ගුරුවරුන් සහ සිසුන් ඉදිරිපත් කළ ජන සංගීත සංදර්ශනයක් ද දෙරටේ  ආර්යාවන් විසින් රස විඳින ලදි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම