ශ්‍රී ලංකාව සහ ඉන්දියා සෘජු විදේශ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව අවබෝධතාවක්
2022-07-27 15:22:29
Share with:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෘජු විදේශ ආයෝජන මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව අවබෝධතාවක් ඇති කර ගැනේ. මේ පිළිබඳව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා කළහ. අගමැතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට හා දුම්රිය ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කළේය. පවතින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහ ඉදිරියට ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉන්දියාවට කෘතවේදීත්වය පළ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම