ජපානයේ 2022 ආරක්ෂක ධවල පත්‍රිකාවට චීනයේ දැඩි විරෝධය
2022-07-26 16:40:34
Share with:

ජපානයේ 2022 ආරක්ෂක ධවල පත්‍රිකාව තුළ චීනය පිළිබඳ සඳහන් කොටස අසත්‍ය හා අගතියෙන් සපිරි බව චීන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

චීනයේ ආරක්ෂක ප්‍රතිපත්ති හා හමුදා ගොඩනැගීමේ දී විනිවිදභාවයේ හිඟයක් පවතින අතර නැගෙනහිර හා දකුණු චීන මුහුදු කලාපවල තත්ත්වය වෙනස් කිරීමට චීනය උත්සාහ දරමින් සිටින බව පසුගිය 22 වැනිදා ජපාන රජය සම්මත කළ එම ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි. එම ධවල පත්‍රිකාව තුළ චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ කරුණු කැපී පෙනෙන ලෙස වැඩි කර තිබේ.

ඒ පිළිබඳව චීන ආරක්ෂාක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා පවසා ඇත්තේ එම ධවල පත්‍රිකාව චීනයේ නිත්‍ය හමුදා කටයුතු අපහාසයට ලක් කරන අතර ඊනියා “චීන හමුදා තර්ජනය” නිර්මාණය කර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට  මැදිහත්වීමට උත්සාහ දරන බවයි. එය කලාපීය අස්ථාවරත්වයකට හේතු‍‍ වෙයි. චීන තායිවාන ප්‍රදේශයේ ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර බාහිර මැදිහත් වීමට අවසර ‍නොදෙන බව ද හෙතෙම පැවසීය. ජපානයේ එම ධවල පත්‍රිකාවට චීනය දැඩි විරෝධය පළ කරන බව Wu Qian මහතා කීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම