කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට
2022-07-26 18:33:13
Share with:

ගෙවිගිය සති දෙකක කාලයේ සිට මෙරට කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. රටේ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොරොනා වෛරසය ජනතාවට අමතක වී ඇති බවත් එහෙත් නොදැනුවත්ම එම වෛරසය මේ වනවිට සමාජයේ නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.

කොරොනා වෛරසය ජනතාවට අමතකවීමත් සමග මුව ආවරණ පැළඳීම ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇතැයි පවසන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා එය ඉතාමත් අවදානම් සාධකයක් ලෙස හඳුන්වයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම