නිරිත දිග පාකිස්ථානයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට චීන සහනාධාර
2022-07-26 16:28:19
Share with:

නිරිත දිග පාකිස්ථානයේ ගංවතුරෙන් විපතට පත්වූවන් වෙත චීනය සහනාධාර ද්‍රව්‍ය පිරිනමයි.

පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමකට අනුව පාකිස්ථන චීන මිත්‍රත්ව සාකච්ඡා සභාව ඊයේ(25) Balochistan පළාතේ Qila Saifullah නගරයේ ගංවතුරෙන් විපතට පත්වූ ජනතාවට එම ආධාර බෙදා හැර තිබේ.

ආහාර පැකේජ දහසක් පමණ එම ආධාර වලට ඇතුළත් ය. එමගින් විපතට පත්වූවන් 800කට පමණ සති 3ත් 4ත් කාලය තුළ ආහාර අවශ්‍යතාවන් සපුරා ගත හැකි ය. එම ජනතාව මුහුණ දෙන හදිසි ආහාර හිඟය සමනය කිරීමට මෙම ආධාර උපකාරී වනු ඇත. එමෙන්ම දැඩි වර්ෂාවෙන් විදුලි සම්ප්‍රේෂණය විනාශ වීම හේතුවෙන් සූර්ය විදුලි උත්පාදක  කට්ටල 300ක් ද මෙම ආධාර වලට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම