දෙවැනි චීන-අප්‍රිකානු සාම ආරක්ෂක සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි
2022-07-26 11:09:15
Share with:

දෙවැනි චීන-අප්‍රිකානු සාම ආරක්ෂක සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි. එය ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. අප්‍රිකානු සංගමයේ හා අප්‍රිකානු රටවල අමාත්‍ය මට්ටමේ නායකයෝ 50දෙනෙක් සහ උසස් පෙළේ නියෝජිත පිරිසක් ඊට සහභාගි වූහ.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ජාතිකාරක්ෂක අමාත්‍ය Wei Fenghe මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම සංසදයට යොමු කළ සුබ පැතුම් පණිවුඩය එහිදී ප්‍රකාශයට පත් කළේ ය. චීන-අප්‍රිකානු සාම ආරක්ෂක සහයෝගිතා ඉහළින් වැදගත් කොට සලකන ෂී ජින් පිං මහතා, නව යුගය ය‍ටතේ පොදු ඉරණම සහිත චීන-අප්‍රිකානු ප්‍රජාව යන ප්‍රධාන මුලපිරුම ඉදිරිපත් කළ බව Wei Fenghe මහතා කියා සිටී. චීන හා අප්‍රිකානු දෙපාර්ශ්වයේ සුහදශීලී සහයෝගිතා ජීවගුණයේ එල්බ සිටිමින් ගෝලීය ආරක්ෂක මුලපිරුම අනුගමනය කරමින් ආරක්ෂක ප්‍රජාව පොදුවේ ගොඩනැංවීම උදෙසා ගමන් කළ යුතු බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

සංසදයට එක්ව සිටි අප්‍රිකානු රටවල නියෝජිතයෝ, අප්‍රිකාවේ සාමය හා සුරක්ෂිතතාව සුරැකීම සම්බන්ධයෙන් චීනය දක්වා ඇති සහය පිළිබඳ තම ස්තුතිය පළ කළහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම