ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අනිද්දා ඇරඹේ
2022-07-26 18:40:10
Share with:

එළඹෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදාළ තොරතුරු පැහැදිලි කරයි.

එම රැස්වීම ඉදිරි 28 වැනිදා සිට 29 වැනිදා දක්වා උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් අගනුවරදී පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ජාත්‍යන්තර හා කලාපීය තත්ත්ව සහ එම සංවිධානයේ සහයෝගිතා ඇතුළු පොදු සැලකිල්ලට ලක්ව ඇති කරුණු පිළිබඳව චීන විදේශ අමාත්‍ය වං යී මහතා හා සෙසු රටවල අමාත්‍යවරුන් එම රැස්වීමේදී අදහස් හුවමාරු කර ගනු ඇත. ඔවුන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ  නායකයින්ගේ සමුළුව සඳහා සූදානම් කටයුතු ද සිදු කරනු ඇති බව Zhao Lijian මහතා කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම