ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි
2022-07-26 20:37:39
Share with:

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම, නව වටයේ විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණවල නව අවස්ථා සඳහා වන උපායමාර්ගික තෝරා ගැනීමක් හා නව වටයේ ජාත්‍යන්තර තරගයේ වැදගත් ක්ෂේත්‍රයක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි. චීනය ප්‍රමුඛ අවස්ථා ග්‍රහණය කර ගෙන, ඩිජිටල් ආර්ථිකයේ ඉදිරි සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානය දිනා ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව චීනය ඩිජිටල් ආර්ථික සංවර්ධන උපායමාර්ගය ගැඹුරු ලෙස ක්‍රියාත්මක කර ඇත. එය දැනට චීනයේ ආර්ථික සංවර්ධනයේදී සක්‍රීයම, වේගවත්ම සංවර්ධිත, පුළුල්ම බලපෑම් සහිත අංගයක් බවට පත්ව තිබේ. ජනතාවගේ ජීවන රටාව හා නිෂ්පාදන ක්‍රමය ඉන් කැපී පෙනෙන  නව වෙනසක‍‍ට ලක්කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම