දෙවන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇරඹේ
2022-07-26 11:07:08
Share with:

දෙවන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය Hainan පළාතේ Haikou නරගයේ දී ඇරඹෙයි. "විවෘත අවස්ථා බෙදාගැනීම සහ වඩා යහපත් ජීවිතයක් නිර්මාණය කිරීම" ඊයේ (25) ඇරඹුණු ප්‍රදර්ශනයේ තේමාවයි. චීන වාණිජ අමාත්‍යාංශය සහ Hainan පළාත් මහජන රජය එක්ව එය සංවිධාන කරයි. ලබන 30වැනිදා දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂයකි.

ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක වෙළඳ නාම 2800කට අධික ප්‍රමාණයක් මෙහිදී තම පාරිභෝගික නිෂ්පාදන ප්‍රදර්ශනයට එක්ව සිටී. මෙය, පාරිභෝගික නිෂ්පාදන යන තේමාව සහිත චීනයේ පළමු ජාතික මට්ටමේ ප්‍රදර්ශනයයි. ප්‍රදර්ශනයට සහභාගි වන දෙස් විදෙස් සමාගම් රැසක්, මෙම වේදිකාව ඔස්සේ වෙළඳපොළ තවදුරටත් දියුණු කර ගැනීමත්, චීන වාණිජ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට මං විවර කර ගැනීමත් පිළිබඳ තම අපේක්ෂා පළකරති.

මෙවර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයේ භූමි වපසරිය, පෙර පැවති ප්‍රදර්ශනයට සාපේක්ෂව 20% කින් ඉහළ ගොස් ඇති බව දත්ත පෙන්වාදෙයි. දෙස් විදෙස් වෙළඳ නාම 2,800 කට වඩා සහභාගි වී ඇති අතර, එය ද පෙරට වඩා වර්ධනයකි. එමෙන්ම, වෙළඳ නාම 200 ක් යටතේ,  නව නිෂ්පාදන 600 කට වඩා නිකුත් කර තිබීමත් කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම