ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මසක දී ඇඟලුම් අපනයනයෙන් ලද ඉහළම ආදායම වාර්තා වෙයි
2022-07-26 18:32:20
Share with:

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මසක දී ඇඟලුම් අපනයනයෙන් ලද ඉහළම ආදායම පසුගිය ජූනි මාසයේ දී ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට සමත්ව තිබේ. 

ඒ අනුව පසුගිය ජූනි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 536.65 ක අපනයන ආදායමක් මෙරටට හිමිව තිබෙන අතර එය මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී ආදායමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 6 ක් සහ සියලුම වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වෙමින් ඇඟලුම් කර්මාන්තය ජාතික ආර්ථිකයේ ශක්තිමත් පදනම ලෙස ක්‍රියා කරයි.විවිධ බාධා මධ්‍යයේ මෙම ආදායම් වාර්තාව පිහිටුවා තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම