දෙවන ලෝක යුද්ධයේ ඓතිහාසික පාඩම් යළි මෙනෙහි කිරීම වැදගත් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-07-26 18:42:09
Share with:

ලෝ වැසියන් ‘Potsdam ප්‍රකාශනය’ නිකුත් කිරීමේ ඉතිහාසය සමාලෝචනය කරමින් ඓතිහාසික පාඩම් යළි ඉගෙන ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

1945 වසරේ ජූලි මස 26 වැනිදා ජපානය යුද්ධයෙන් යටත් කරවීමේ ‘Potsdam ප්‍රකාශනය’චීනය, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලදි. එම ප්‍රකාශනය නිකුත් කිරීමේ 77 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. ‘Potsdam ප්‍රකාශනය’, වසර 1943නේ එම රටවල් තුන නිකුත් කළ ‘Cairo ප්‍රකාශනය’ හා සෙසු ජාත්‍යන්තර නෛතික ලිපිලේඛන, පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම යුගයේ ජගත් පටිපාටියේ වැදගත් නෛතික පදනම වී තිබේ.

තායිවාන දූපත හා Penghu දූපත් ඇතුළු, ජපානය විසින් චීනයෙන් පැහැර ගනු ලැබූ භූමිය චීනයට ආපසු දෙන ලෙසට ‘Cairo ප්‍රකාශනය’මගින් පැහැදිලිව නියම කෙරිණ. ‘Potsdam ප්‍රකාශනය’එය යළි අවධාරණය කර තිබිණ. ‘Potsdam ප්‍රකාශනයේ’කරුණු පිළිගන්නා බවට වසර 1945හේ ජපානය අත්සන් කළ ‘යටත්වීමේ ලිපිය’ මගින් පැහැදිලි කර ඇත.

ලෝකයේ පවතින්නේ එකම චීනය බවත්, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් චාඕ ලීජියන් මහතා යළි අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම