සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව සාකච්ඡා
2022-07-25 16:52:00
Share with:

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර නොපමාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

ඒ අනුව සියලු පක්ෂ හා කණ්ඩායම්වල නායකයන් සමඟ ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කිරීමට රජය සැලසුම් කර  ඇත. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අර්බුදවලට සියලු පාර්ශ්වයන් එක්කරගනිමින් විසඳුම් සෙවීම රජයේ අභිප්‍රාය වී තිබේ.

මෙම සාකච්ඡාවලින් පසුව කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම