ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි අනුගමනය කිරීම සඳහා ඉරානයේ ආර්ථීක ප්‍රතිලාභ සහතික කළ යුතුයි--ඉරාන ජනපති
2022-07-25 15:48:14
Share with:

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි අනුගමනය කිරීම සඳහා ඉරානයේ ආර්ථීක ප්‍රතිලාභ සහතික කළ යුතු බව ඉරාන ජනාධිපතිවරයා පවසයි.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුම යළි අනුගමනය කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡාව සාර්ථකවී‍මට නම් සුරක්ෂිත න්‍යෂ්ටික භාවිතය පිළිබඳ ප්‍රශ්න විසඳා, අදාළ ගිවිසුම ඒ ඒ පාර්ශ්වයන් ඵලදායිකව අනුගමනය කරමින් ඉරාන ආර්ථික ප්‍රතිලාභ සහතික කළ යුතු බව ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා පැවසීය.

ඉරාන ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ වාර්තාවට අනුව, Seyed Ebrahim Raisi මහතා මේ බව පැවසුවේ ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරතවූ අවස්ථාවේදී ය. එමෙන්ම හෙතෙම පැවසුවේ ඇමරිකාව ඉරානයට එරෙහි පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක ආර්ථිකයට අයහපත් බලපෑම් එල්ල වූ බවත් විශේෂයෙන්ම යුරෝපයට හානි සිදු වූ බවත්ය. ඉරානය සහ සිය ආයතනය අතර සහයෝගිතාව අඩු මට්ටමක පවතින බවට පවසමින් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පසුගිය ජුනි මස 8 වනදා සම්මත කළ යෝජනාව ඵලදායික නොවන බව ද Seyed Ebrahim Raisi මහතා ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම