ඉන්දීය නව ජනාධිපතිනිය‍ට චීන ජනපතිගෙන් සුබපැතුම්
2022-07-25 16:27:22
Share with:

ඉන්දීය නව ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම්  පිරිනමයි.

චීනය හා ඉන්දියාව එකිනෙකාට වැදගත් අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා අද (25) යොමු කළ එම පණිවිඩයේ සඳහන් වෙයි. යහපත් හා ස්ථාවර ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් දෙරටේ මූලික අවශ්‍යතාවලට ගැලපෙන අතර එය කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනයට හිතකර බව ද හෙතෙම පෙන්වා දුන්නේය. දෙරටේ සම්බන්ධතාව ඉතාමත් වැදගත් කොට සලකමින්, නව ජනාධිපතිනිය සමඟ, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය හා ප්‍රායෝගික සහයෝගීතා ගැඹුරු කරමින් මතභේද නිසි ලෙස හසුරුවා ගනිමින්, චීන-ඉන්දියානු සබඳතාව නිවැරදි මාර්ගය ඔස්සේ ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් පසුවන බව ෂී ජින් පිං මහතා යොමු කළ සුබ පැතුම් පණිවු‍ඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම