ඇල්බේනියාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-24 16:41:01
Share with:

ඇල්බේනියාවේ ජනාධිපති ධුරයට පත් Bajram Begaj මහතාට  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

චීනය සහ ඇල්බේනියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින් පිං මහතා එහි සඳහන් කළේ ය.

මෑත වසරවල, "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ගොඩනැගීම සහ චීනය-මැද හා නැගෙනහිර යුරෝපීය රටවල් සහයෝගිතාව ඔස්සේ දෙරට අතර සම්බන්ධතා නව ප්‍රගතියක් ලබා ගෙන තිබේ.

චීනය සහ ඇල්බේනියාව අතර සම්බන්ධතා සංවර්ධනය තමා ඉහළින් අගය කරන බව ද, ෂී ජින් පිං මහතා පැවසීය.

දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල හුවමාරු ගැඹුරු කිරීම මෙන්ම, දෙරටට සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා, Bajram Begaj මහතා සමඟ එක්ව ප්‍රයත්න දැරීම තම අපේක්ෂාව  බව, චීන ජනාධිපතිවරයා පවසයි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම