මන්කිපොක්ස් හේතුවෙන් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක්
2022-07-24 19:42:28
Share with:

ලොව ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය  හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසස් ඊයේ (23) ප්‍රකාශ කළේ, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් බව යි.

මන්කිපොක්ස් වසංගතය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවල නිර්ණායක සපුරා ඇති බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව 21 වැනිදා මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත්, මන්කිපොක්ස් රෝගය පැතිරීම සංකේන්ද්‍රණය වී ඇත්තේ පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින් අතර, විශේෂයෙන් බහුලිංගික සහකරුවන් සිටින පුද්ගලයන් අතර බව ද  අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.ඒ අනුව, නිවැරදි උපායමාර්ග ඔස්සේ මෙම තත්ත්වය මැඩපැවැත්විය හැකි වනු ඇතැයි ද ඔහු කියාසිටී.

යුරෝපීය රටවල් කිහිපයකින් සහ උතුරු ඇමරිකාවෙන් මන්කිපොක්ස් රෝගී පොකුරු හමුවී ඇති අතර, රටවල් සහ ප්‍රදේශ 75 කින් මරණ 5ක් ඇතුළුව, රෝගීන් 16,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

 

 

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම