චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය ගුවනට
2022-07-24 15:57:47
Share with:

Wentian පර්යේෂණාත්මක මොඩියුලය සාර්ථකව ගුවන්‍ගත කෙරේ. චීනයේ Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 5 B ප්‍රවාහක රොකට්ටුවේ ආධාරයෙන් අද(24) එය නිකුත් කෙරිණ.

ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු සිදුවන 24 වැනි මෙහෙයුම මෙය යි. මෙය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණාත්මක මොඩියුලය වීම ද විශේෂත්වයකි. ගගනගාමීන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳීසිටීමට සහය වීම, මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් මෙන්ම  අභ්‍යවකාශ විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම Wentian පර්යේෂණාත්මක මොඩියුලයේ ප්‍රධාන කාර්යභාරය බවට පත්වේ. එමෙන්ම Tianhe කෝර් මොඩියුලයේ සම පිටපතක් ද වන මෙම මොඩියුලයට අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනය කළ හැකි ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම