බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ජනපති සමග දුරකථන සංවාදයක
2022-07-24 20:15:24
Share with:

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩලය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙයි.

බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ද එහි දැක්වේ. සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවත්, අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහය දීමට බ්‍රිතාන්‍යය අඛණ්ඩව ක්‍රියාකරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පිරිසක් අතර හමුවක් ඊයේ (23) පැවැත්විණ. ජනාධිපති කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. ඇමෙරිකාව,  කැනඩාව,  ප්‍රංශය,  බ්‍රිතාන්‍යය,  ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහකොමසාරිස්වරු හා තානාපතිවරු එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම