දිවයින පුරා පාසල් හෙට(25) යළි ඇරඹේ
2022-07-24 16:49:04
Share with:

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25)   සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, දැනට පාසල් පැවැත්වෙන්නේ සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණි. බදාදා සහ සිකුරාදා සිසුන්ට මාර්ගගතව ඉගැන්වීම් සිදුකෙරේ.

මේ අතර, පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් වහාම ඉන්ධන ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම