ඊජිප්තුවේ 70 වැනි ජාතික දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-23 16:50:03
Share with:

 ඊජිප්තුවේ 70 වැනි ජාතික දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. හෙතෙම සිය සුබ පැතුම් පණිවිඩය ඊජිප්තු ජනාධිපති අබ්දෙල්-ෆටා අල්-සිසි මහතා වෙත අද (23)  යොමුකර ඇත.

මෑත වසරවලදී ඊජිප්තුව ස්වාධීනත්වයේ මාවත නොකඩවා අනුගමනය කර ඇති බවත්, ජාතික සංවර්ධනයේ ප්‍රබල ප්‍රගතියක් ලබා ඇති බවත්, කලාපීය හා ගෝලීය කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවත් එම පණිවිඩයේ දැක්වෙයි.

පසුගියදා පැවති ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයට තමා සහ ඊජිප්තු ජනාධිපතිවරයා සහභාගි වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා, එහි ඵලදායී ප්‍රතිඵල සඳහා තමා ක්‍රියා කළ බවත්, පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා  ප්‍රබල පණිවිඩයක් යොමුකර ඇති බවත් පැවසීය.

චීන-ඊජිප්තු සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බව අවධාරණය කරන චීන ජනාධිපතිවරයා, එකිනෙකාට සහයෝගය දක්වමින් අල් සිසි මහතා සමග එක්ව එක් තීරයක්- එක් මාවතක් ඒකාබද්ධ ඉදිකිරීම් ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව පෙන්වාදෙයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා සුරකිමින්,  නව යුගයේ පොදු අනාගතයක් සහිත චීන-ඊජිප්තු ප්‍රජාව ගොඩනැගීමේ ඉලක්කය කරා ස්ථිරව ගමන් කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම