මසකට ප්‍රමාණවත් ඩීසල් සංචිත පවතින බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි
2022-07-23 17:31:18
Share with:

ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එසේම, දින 22 කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත ද පවතින බව සංස්ථාව දන්වා ඇත.

මේ අතර ඊයේ (22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර තිබේ. වාහන අංකය අනුව ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම