ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ 5 වන සමුළුව ඇරඹේ
2022-07-23 18:56:36
Share with:

ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ 5 වන සමුළුව ඇරඹේ. මෙම සමුළුව අද(23) Fuzhou නගරයේ දී ආරම්භ විය. නිර්මාණශීලීත්වයෙන් නව ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය හා ඩිජිටල්කරණයේ නව රටාව මෙහෙයවීම මෙවර සමුළුවේ තේමාව යි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Huang Kunming මහතා, සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය. අන්තර්ජාලය ඔස්සේ රට සංවර්ධනය කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය ගැඹුරින් හදාරමින්, ඩිජිටල් චීනය ගොඩනැගීම කඩිනම් කළ යුතු බව Huang Kunming මහතා අවධාරණය කළේය.

ඩිජිටල්කරණ පරිවර්තනය මගින් නිෂ්පාදන ක්‍රමය, ජීවන ක්‍රමය හා පාලන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු, ඩිජිටල් චීනය ගොඩනැගීමේ ප්‍රයත්නය මනා ප්‍රගතියක් හා කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර, එමගින් යහපත් අනාගතයක්  බිහිවනු ඇතැයි ද Huang Kunming මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම