ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම බව අගමැති කියයි
2022-07-23 17:03:21
Share with:

රටේ පවතින අර්බුදවලට විසඳුම් දීමට රජය ක්‍රියාකරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  ඊයේ(22) පස්වරුවේ, කොළඹ ධර්මායතනයට පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය.

ගෑස් සහ පොහොර අර්බුදය දැනටමත් විසඳීමට පියවර ගෙන තිබේ. ඉන්ධන අර්බුදය ද ඉදිරි සති කිහිපයේදී නිමා වනු ඇතැයි අගමැතිවරයා කියයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු අතර, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම විය යුතුය. ඒ වෙනුවෙන් රජය පෙනී සිටී. තමා සෑමවිටම රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය වෙනුවෙන් ඉදිරිපත් වන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මිත්‍ර රටවලින් සහ විදේශ ආයතනවලින් සහාය ලබාගෙන ආර්ථිකය යළි නගාසිටුවීමට ක්‍රියාකරන බව ද අගමැතිවරයා කියාසිටී. 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම