චීනය, ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි
2022-07-23 17:02:29
Share with:

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස දෙක තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, සී.එන්.බී.සී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි ද වීරසිංහ මහතා අපේක්ෂා පළකළේය.

චීනය, ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා මෙහිදී ප්‍රතික්ෂේප කළේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගණනාවක මූල්‍ය අවභාවිතය බව ද ඔහු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම