යුක්රේනයෙන් ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කිරීමේ ඓතිහාසික ගිවිසුම ඉස්තාන්බුල්හිදී අත්සන් තැබේ
2022-07-23 16:22:31
Share with:

එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ යුක්රේනයේ ධාන්‍ය, ආහාර ද්‍රව්‍ය සහ පොහොර ආරක්ෂිතව ජාත්‍යන්තර වෙළඳපොළට යොමුකිරීම සඳහා රුසියාව සහ යුක්රේනය ගිවිසුමකට අත්සන් තබයි. 22 වැනිදා අත්සන් තැබුණු එය   දිගුකාලීන අරමුණු සහිත ගිවිසුමකි.

  මෙහිදී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ, තුර්කිය සමඟ අත්සන් කරන ලද කළු මුහුදේ ධාන්‍ය මුලපිරීම අනුව, කළු මුහුදේ ප්‍රධාන වරායන් තුන වන Odessa, Chernomorsk සහ Yuzhny වෙතින්  වාණිජ ආහාර සහ පොහොර අපනයනයට ඉඩ සලසන බව ද එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් පසුව, ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසුවේ, "මෙය බලාපොරොත්තුවේ පහනක්" වනු ඇති බවයි. එසේම, මෙය ලොව පුරා මිලියන ගණනකට ආහාර හිඟවීමේ ව්‍යසනය වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව ද හෙතෙම පැවසීය. තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ද මේ අවස්ථාවට එක්විය.

තුර්කියේ, රුසියාවේ සහ යුක්රේනයේ නියෝජිතයන් ඇතුළුව වැඩසටහන අධීක්ෂණය සඳහා ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඉස්තාන්බුල් හි ස්ථාපනය කරන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයේ දැක්වේ.  

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව වාර්ෂිකව ටොන් මිලියන 45කට වඩා වැඩි ප්‍රමාණයක් ගෝලීය වෙළඳපොළට සපයන යුක්රේනය, ලොව ප්‍රමුඛ පෙළේ ධාන්‍ය අපනයනකරුවන් අතර වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම