චීන- දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ දෙවැනි අදියරේ සාකච්ඡාව ප්‍රවර්ධනය කෙරේ
2022-07-22 14:38:21
Share with:

 චීන-දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ දෙවැනි අදියරේ සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමට එරට සමග කටයුතු කරමින් සිටින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

දකුණු කොරියාව චීනයේ සිව්වැනි විශාලතම වෙළඳ හවුල්කරුවාය. මෙම වසරේ මුල් මාස හය තුළ චීන දකුණු කොරියානු වෙළඳ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 9.4කින් වැඩි වූ බව චීන වාණිජ අමාත්‍යංශයේ ඊයේ (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී හෙළි විය.

චීනය හා දකුණු කොරියාව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වෙළඳ හවුල්කරුවෝ වෙති. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ ද්විතීයික සාකච්ඡාව සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීම දෙපාර්ශ්වයම ප්‍රවර්ධනය කරමින් සිටින අතර,දෙරටේ ආර්ථික වෙළඳ සම්බන්ධතාවය නව තලයකට නංවාලීමට කටයුතු කරමින් සිටින බව ද එම මාධ්‍ය හමුවේදී චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් විස්තර කළේය.

චීන දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුමට අදාළව සාකච්ඡා වට නවයක් පවත්වා ඇති අතර මේ වනවිට ප්‍රායෝගික ප්‍රගතියක් දිනා ගෙන ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම