ශ්‍රී ලංකාවේ අරගලය කිසියම් බලවේගයක මෙහෙයවීමෙන් සිදුවූවක් විය නොහැකි ද?
2022-07-22 10:26:41
Share with:

මානව හිමිකම් සහ වෙනත් දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතිහාසය පුරා සිදු කරන බව මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි. මෑතකදී ඉන්දියාවද එයට එක්ව සිටී. ලෝක බලවතුන් දෙදෙනෙක් පමණක් සිටින යුගයක ඉන්දියාව ඊට විරුද්ධව කටයුතු කළේය. එහෙත් මේ වනවිට ඇමරිකාව හා සමගාමීව වෙනත් රටවලට මැදිහත්වී සිටින අයුරු පැහැදිලි වේ. පොදුවේ ගත් කල ඇමරිකාව සහ යුරෝපා රටවල් විවිධාකාර ක්‍රමවලින් විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවලට මැදිහත් වීම සුලබව දක්නට ඇත.

ඉරාකය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන බවට චෝදනා නගමින් ආක්‍රමණය කිරීම එවැනි අවස්ථාවකි. එහිදී කිසිදු වගවිභාගයකින් තොරව සදාම් හුසේන් ඝාතනය කළේ ද ඇමරිකාවේ උපක්‍රමයක් වශයෙනි. අවසානයේ කිසිම අවි නිෂ්පාදනාගාරයක් නැති බවට ද අනාවරණය විය. මෙවැනි මැදිහත්වීම් වලට තවත් උදාහරණයක් ලෙස ලිබියාවට ඇමරිකාව මැදිහත් වූ ආකාරය ද උදාහරණයට ගත හැකිය. ලිබියාව ගොඩනැගූ නායකයා වූ ගඩාෆි මරා දැමුයේ ද  එලෙසිනි. මේ වැනි පියවර සඳහා එළැඹෙනුයේ ඇමරිකාවට අකීකරු රාජ්‍යයන්ටයි. බොහෝ විට විවිධ උපක්‍රම මගින් මෙම රාජ්‍යයන් තමන්ගේ මතයට නතු කර ඉත්තන් බවට පත්කර ගනී. බල දේශපාලනයේ ඉත්තන් බවට පත් කර ගනී. මෑතක සිට ඉන්දියාව ද මෙවැනිම ප්‍රතිපත්තියක යෙදී සිටී.

ශ්‍රී ලංකාවේ අරගලය පිටුපස සිටිනුයේද ඔවුන්දැයි බරපතල සැකයක් පවතී. අරගලය කිසියම් බලවේගයක මෙහෙයවීමෙන් සිදුවූවක් බවට බැහැර කළ නොහැකිය. කෙසේ වෙතත් වර්තමානය වන විට ලංකාව අරාජික තත්වයට පත්කර ඇති බවක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව ලෝක බල දේශපාලනයේ ඉතා සුවිශේෂ මර්මස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

ආසියානු කලාපීය බල තුලනයේදී චීනය ශ්‍රී ලංකාව කෙරෙහි මැදිහත් වීම සාධාරණ කාරණයකි. එහෙත් චීනය කිසිදු විටෙක ආධාර දීම මගින් හෝ වෙනත් උපක්‍රම යොදා ගනිමින් කිසිදු රටක් මේ දක්වා නතු කර ගැනීමට උත්සාහ නොගැනීම විශේෂත්වයකි.

එහෙත් මෑතකදී සුඩානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ආර්ථික කඩාවැටීම, රටවල් දෙකඩවීම  පිටුපස ඇමරිකාව සිටින බවට කරුණු තහවුරු වී තිබේ.  මේ සම්බන්ධව ඇමරිකාවේ සිටි ජෝන් පෝකේෂ විසින් ලියූ ආර්ථික ‘ඝාතකයෙකුගේ පාපොච්චාරණය’ යන ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ. තුන්වන ලෝකයේ රටවලට බලපෑම් කර නතුකර ගැනීමේ ඇමරිකානු ක්‍රමය එහි සඳහන් වේ. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ද ප්‍රයෝජනයට ගනී. මුදල් මූලාශ්‍ර ඇත්තේ ඇමරිකාවට නැතහොත් නෝර්වේ රාජ්‍යයටය. ඔවුන්ගේ යටත් රාජ්‍යයන් තුන ඇතිවන ආකූල ව්‍යාකූල තත්වයන් නිර්මාණය කරගන්නා අතර, ඔවුන්ගේ ගොදුරු බවට පත්වන පිරිස් නොදනී. අවසානයේ එම රටවල රාජ්‍යන්ගේ භෞමික අඛණ්ඩතාවට, දේශපාලන ස්ථාවරභාවයට, ස්වෛරීත්වයට සහ නිදහසට ප්‍රබල ලෙස බලපායි. මෙය ලෝක පොලිස්කාරයා සේ සිතා සිටින ඇමරිකාව මතවාදීව ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළකි. ඇමරිකාව සහ ඉන්දියාව මේ ගෙන යන ක්‍රියාදාමය අප ඉදිරියේ ඇති ප්‍රබල ගැටළුවක් ඇති වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම