ඝන මීටර් බිලියන 50 ජල පරිමාවක් චීනයේ දකුණේ සිට උතුරට ප්‍රවාහනය කෙරේ
2022-07-22 20:08:51
Share with:

දකුණේ ජලය උතුරට ප්‍රවාහනය කරන චීන සමාගම නිකුත් කළ වාර්තාවලට අනුව, අද(22) වනවිට, ජල ප්‍රවාහන පළමු ව්‍යාපෘතිය යටතේ යවන ලද  මුළු ජල පරිමාව ඝන මීටර් බිලියන 50 ඉක්මවයි.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති ජල ප්‍රමාණය කහ ගඟේ වාර්ෂික ජල පරිමාවට සමාන වේ. මිලියන 85කට අධික ජනතාවකට මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමිවිය.

සමාග‍මේ බලධාරීන් පවසන අන්දමට, ජල ප්‍රවාහනය ආරම්භ වීමෙන් පසු, විද්‍යාත්මක සංවර්ධනයන් මගින් පළමු අදියරේදී වාර්ෂික ජල ප්‍රවාහන පරිමාව ඝන මීටර් බිලියන 2 සිට ඝන මීටර් බිලියන 9 දක්වා ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම