නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-22 18:42:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුබ ප්‍රාර්ථනා කරයි.

චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (22) සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර රටවල් දෙකකි. ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර ‍ගත වූ වසර 65 තුළ චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, යහපත හා සමානත්මතාව පදනම් කරගෙන එම සබඳතාව අඛණ්ඩව වර්ධනය කර ඇතැයි ෂී ජින් පිං මහතා එම සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තාවකාලික දුෂ්කරතා මැඩපවත්වමින් ආර්ථික හා සමාජයීය පුනරුත්ථාපනය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවට චීන ජනාධිපතිවරයා සිය විශ්වාස පළ කරයි. චීනය, ශ්‍රී ලංකාව සමග පවතින සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් උපරිම සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී.  චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වය හා දේශපාලන විශ්වාසය තහවුරු කරමින් ද්විපාර්ශ්වික උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම