යුක්රේන භූමියෙන් හමුදා තර්ජනවලට යටත් නොවන බව රුසියාව කියයි
2022-07-21 13:40:55
Share with:

රුසියානු විශේෂ හමුදා මෙහෙයුමේ භූගෝලීය විෂය පථය ඩොන්බාස් කලාපයට සීමා නොවන අතර, එය තවදුරටත් පුළුල් වනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා පවසයි.  ඔහු ඊයේ (20) මේ බව පැවසීය.

රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුම "නිර්හමුදාකරණය" සහ "නිර්නාසිකරණය" අරමුණු කරන බැවින් රුසියාව යුක්රේන භූමියෙන් හමුදා තර්ජනවලට යටත් නොවනු ඇතැයි Sergey Lavrov මහතා පැවසීය. මෙම කාර්යය මේ වනවිට අවසන් වෙමින් පවතී.

යුක්රේන ජනාධිපති වෙබ් අඩවියට අනුව, යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා ඊයේ (20) රාත්‍රී වීඩියෝ ආකාරයෙන් පැවැත්වූ කථාවකදී කියා සිටියේ, තමන් ඔස්ට්‍රියාවේ සහ චෙක් ජනරජයේ විදේශ අමාත්‍යවරුන් සමඟ එදින සාකච්ඡාවක් පැවැත්වූ බවයි. රුසියාව මත පීඩන එල්ල කිරීම, යුක්රේනයට අතිරේක ආධාර සහ යුක්රේනය යුරෝපා සංගමයට ඇතුළු වීමේ අපේක්ෂාව යනාදී කරුණු පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කර ඇත. චෙක් ජනරජය යුරෝපා සංගමයේ වාරික සභාපතිත්වය දරන මාස හය තුළ, යුක්රේනය යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද Volodymyr Zelenskyy මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම