අප්‍රිකානු-චීන සබඳතාව යුගයේ ආදර්ශනයක් බව අප්‍රිකානු සංගමය කියයි
2022-07-21 10:37:02
Share with:

අප්‍රිකානු-චීන සබඳතාව යුගයේ ආදර්ශනයක් බව අප්‍රිකානු සංගමය පවසයි.

ඊයේ (20) ඉතියෝපියාවේ Addis Ababa නුවර පිහිටි අප්‍රිකානු සංගම් මූලස්ථානයේදී, එම සංගමයේ කමිටුවේ සභාපති Moussa Faki Mahamat මහතා මේ බව ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ අප්‍රිකානු සංගමයේ නව චීන නියෝජිත දූත මණ්ඩලයේ ප්‍රධානි, තානාපති Hu Changchun මහතාගේ ධුරයට අදාළ අක්ත පත්‍රය භාර ගැනීමේ අවස්ථාවේදීය.

අප්‍රිකානු සහ චීන ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා චීන -අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ Dakar සමුළුව සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සහයෝගිතා ජයග්‍රහණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින් චීනය සමඟ සමීපව කටයුතු කිරීමට අප්‍රිකානු සංගමය කැමැත්තෙන් සිටින බව Moussa Faki Mahamat මහතා පැවසීය.

Hu Changchun මහතා ප්‍රකාශ කළේ, අප්‍රිකානු සංගමය සමඟ සබඳතා සංවර්ධනය කිරීම චීනය වැදගත් කොට සලකන බවයි. දෙපාර්ශ්වයේ උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර චීන- අප්‍රිකානු සංගම් සබඳතාව නව මට්ටමකට ඉහළ නැංවීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම