පසුගිය රජය IMF සහය අනවශ්‍ය යැයි සලකා ක්‍රියා කර ඇතැයි මහ බැංකු අධිපති පවසයි
2022-07-21 16:58:04
Share with:

පසුගිය රජය සහ මහ බැංකු බලධාරීන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ යැයි සලකා කටයුතු කර ඇති බව, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී.

සී.එන්.එන්. මාධ්‍ය ජාලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.  මේ වනවිට මහ බැංකුව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණෙන තෙක් ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අපහසුතාවලින් ගොඩඒම සඳහා, නව රජයට හිතවත් රටවල සහයෝගය ලබාගැනීමට සිදුවනු ඇති බවයි, ඔහු සඳහන් කරන්නේ. ඉදිරි මාස කිහිපය ජනතාවට ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත. නිසි සැලසුමකට කටයුතු සිදුවන්නේ නම්, තව මාස 5 කින් පමණ මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකියාව ලැබෙනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම