ෆුකුෂිමා හි න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදාහැරීමේ තීරණය සම්මත කිරීමට බලධාරීහු සැරසෙති
2022-07-21 16:23:36
Share with:

ජපාන පරමාණුක බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුව න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදාහැරීම සම්මත කිරීමට නියමිත බව වාර්තා වේ.

ජපාන පරමාණුක බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුව ඊයේ(20) ප්‍රකාශ කළේ හෙට(22) පැවැත්වෙන සමුළුවේ දී ටෝකියෝ විදුලිබල සමාගම විසින් ඉදිරිපත් කෙරුණු ‘ ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂණයෙන් අපවිත්‍ර වූ ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම’ පිළිබඳව යළි සාකච්ඡා කරන බවයි.

ජපාන පරමාණුක බලශක්ති රෙගුලාසි සැකසීමේ කමිටුවේ සහ ප්‍රාදේශීය ආණ්ඩුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, ටෝකියෝ විදුලිබල සමාගම නිල වශයෙන් අදාළ යන්ත්‍ර සවිකිරීම ආරම්භ කරනු ඇත. ඒ අනුව, 2023 වසරේ වසන්ත ඍතුවේ දී න්‍යෂ්ටික දූෂිත ජලය බැහැර කිරීමට සැලසුම් කෙරේ. එම ක්‍රියාව ධීවර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දැඩි විරෝධයට ලක්ව තිබේ. ටෝකියෝ විදුලිබල සමාගම ඉදිරිපත් කළ එම සැලැස්මට ෆුකුෂිමා හි ප්‍රාදේශීය රජයේ අනුමැතිය ලබා ගත හැකි ද යන්න කෙරෙහි දැඩි අවධානයක් යොමු ව ඇතැයි ද වාර්තාවේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම