චීන ජනපති ඇරයුමින් ඉන්දුනීසියානු ජනපති චීනයේ නිල සංචාරයකට එක්වෙයි
2022-07-21 18:50:49
Share with:

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා ලබන 25, 26 දිනවල  චීනයේ නිල සංචාරයකට එක්වෙයි.  ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමකට අනුවයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ පිළිබඳව පැවසුවේ, ඉන්දුනීසියානු ජනපතිගේ මෙවර නිල සංචාරය මගින්, දෙපාර්ශ්වය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම, නව යුගයේ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් අතර අන්‍යෝන්‍ය යහපත පිළිබඳ ආකෘතියක් ස්ථාපනයට ද, චීනය බලාපොරොත්තු වන බවයි.

මෙම නිල සංචාරයේ දී Joko Widodo මහතා චීන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වනු ඇතැයි, Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ද්විපාර්ශ්වික සම්බන්ධතා, ප්‍රධාන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව, දෙපාර්ශ්වයන් එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කරනු ඇති බව ඔහු පැවසීය.

චීනය සහ ඉන්දුනීසියාව සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල සහ නැගී එන ආර්ථිකයන්හි නියෝජිතයන් වේ. දෙරට අතර පොදු අවශ්‍යතා සහ සහයෝගීතා අවකාශය ඉතා පුළුල් බව ද, Wang Wenbin මහතා මෙහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම