චීන අග්‍රාමාත්‍යවරයා එරට ආර්ථික තත්ත්වය ලෝක ආර්ථික සංසදයේ දී විග්‍රහ කරයි
2022-07-20 10:26:20
Share with:

වසංගතය යළි පැතිර යාම වැනි අනපේක්ෂිත සාධක මගින් බලපෑමට ලක් වූ චීන ආර්ථිකය පහත වැටීමේ පීඩනය හදිසියේම වැඩි වී තිබේ. චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා ඊයේ (19) පැවති ලෝක ආර්ථික සංසදයේ ගෝලීය ව්‍යවසායකයින්ගේ විශේෂ වීඩියෝ සංවාදයේදී මේ බව පැවසීය. චීන රජය අධිෂ්ඨානශීලීව පියවර ගෙන, ස්ථාවර වර්ධනයක් ප්‍රමුඛ ස්ථානයට රැගෙන ආ අතර, ව්‍යවසායන්ට සහය වී, ජීව ශක්තිය උත්තේජනය කරමින් කළ ප්‍රතිපත්ති බලපෑම ඉක්මණින් දිස් වූ බව ද  හෙතෙම සඳහන් කළේය.

දෙවන කාර්තුවේ දී, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂව වර්ධනය වූ අතර, වසරේ මුල් භාගයේ දී එය 2.5% කින් වර්ධනය විය, එය අතිශයින් දුෂ්කර ය. සමස්තයක් වශයෙන්, චීනයේ ආර්ථිකය පහතට වැටෙන පීඩනයට ඔරොත්තු දී ස්ථාවර වී යථා තත්ත්වයට පත් වී ඇත. නමුත්, මෙහි පදනම තවමත් ශක්තිමත් වී නොමැති අතර, සමස්ත ආර්ථික තත්වය ස්ථාවර කිරීම සඳහා දුෂ්කර උත්සාහයන් තවදුරටත් අවශ්‍ය වන බව Li Keqiang මහතා පැවසීය.

චීනයේ ආර්ථිකය ලෝකයට ගැඹුරින් ඒකාබද්ධ වී ඇති බවත්, බාහිර ලෝකයට විවෘත කිරීම චීනයේ මූලික රාජ්‍ය ප්‍රතිපත්තිය බවත් Li Keqiang මහතා මෙහිදී පෙන්වා දුන්නේය. චීනය නොසැලෙන ලෙස ඉහළ මට්ටමේ විවෘත කිරීම් ගැඹුරු කරනු ඇති අතර, එහි දොරටුව පුළුල් ලෙස විවෘත කරනු ඇතැයි ද හෙතෙම අවාධරණය ‍කළේය.

මේ අතර, Li Keqiang අග්‍රාමාත්‍යවරයා, ඊයේ (19) රාත්‍රියේ බෙයිජිං හිදී ලෝක ආර්ථික සංසදයේ සභාපති Klaus Schwab මහතා වීඩියෝ ආකාරයෙන් හමුවිය. ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාසය තහවුරු කර, සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගනිමින්, සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කර අභියෝගවලට මුහුණදීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව Li Keqiang මහතා එහිදී පැවසීය. චීනය සමඟ සහයෝගීතාව ගැඹුරු කර ගෝලීය සංවාදය ප්‍රවර්ධනය කරමින්, දේශගුණික විපර්යාස මැඩලීම, කාර්මික පරිවර්තනය ප්‍රවර්ධනය සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට ලෝක ආර්ථික සංසදය කැමැත්තෙන් සිටින බව Klaus Schwab මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම