ළමුන් සුරැකීමට ඇපකැප වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-07-20 10:45:48
Share with:

ළමුන් සුරැකීම සඳහා ඇපකැප වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ(19) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විවෘත විවාදයේ දී මේ බව සඳහන් කළේ ය. ජගත් ප්‍රජාව ළමුන් සුරැකීමේ දී, ඔවුන්ට දැඩි ලෙස හිංසා කළ පුද්ගලයන්ට අනිවාර්යයෙන් ම ප්‍රබල නීතිමය දඬුවම් පැමිණවිය යුතුය. එවැනි අපරාධ කිසිසේත් නොසලකා හැරිය නොහැකි ය.

ආරක්ෂක මණ්ඩලය යුද විරාමය හා දේශපාලන ක්‍රමවලින් ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් කැප විය යුතු ය. ගැටුම්වලින් පීඩාවට ලක් ව සිටින ළමුන්ට හැකි ඉක්මණින් ම සාමය භුක්ති විදීමට ද අවස්ථා සැලසිය යුතු ය. ළමුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ දී ළමා මූලික අයිතිවාසිකම්වලට කිසිසේත් ම ප්‍රචණ්ඩත්වයෙන් බාධා එල්ල කළ නොහැකි බව Zhang Jun මහතා පවසයි.

වත්මන් ගෝලීය ආහාර, බලශක්ති, මූල්‍ය අර්බුදය හමුවේ, ගැටුම්වලින් දුක්පීඩා විඳිමින් සිටින ළමුන්ට වෙනත් කවර අවස්ථාවකටත් වඩා උපකාර අවශ්‍ය වෙයි. දුෂ්කර අවස්ථාවේදී සුළුතර රටවල් ඇෆ්ගනිස්ථානයට අයත් විදේශ වත්කම් අත්හිටුවා, සිය අභිමතය පරිදි ඒවා භාවිත කිරීම, ළමුන්ගේ ජීවන අපේක්ෂා කඩා බිඳ දැමීමක් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිතයා එහිදී තවදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම