දියුණු ආර්ථික දේශපාලන සංවර්ධනයකට චීනය යොමු කළ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ආගමනය
2022-07-20 10:59:30
Share with:

වර්තමානයේ චීනය සාක්ෂාත් කර ගත් ආර්ථික, දේශපාලන දියුණුව උදෙසා ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්ව කුසලතා හේතු පාදක විය. ඔහු විසින් ආරම්භ කළ දූෂණයට විරෝධී ව්‍යාපාරය හරහා දූෂණ හා වංචාවලින් තොර ස්වාධීන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට ඔහුට හැකි විය. එමෙන්ම පසුගිය අවුරුදු දහය තුළ චීනය අත් කරගත් වේගවත් ආර්ථික හා දේශපාලනික දියුණුව ඔහුගේ ශක්තිමත් නායකත්වය මත ඇති වූවක් බව ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා පවසයි.

නව ලෝක ක්‍රමයට ඔබින ලෙස නව ආර්ථික හා දේශපාලනික පරිවර්තනයක් චීන සමාජය තුළ ඇති කිරීමට ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය විය. ඒ සඳහා පසුගිය දස වසර තුළ දියුණු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඔහු සමත් විය. එමෙන්ම චීන සිහිනය ළඟා කරගැනීම සඳහාවූ ඔහුගේ ප්‍රතිපත්තිය වර්තමාන වර්ධනය සඳහා වඩා වැදගත් සාධකයක් බවට පත් විය.“ එක් තීරයක් එක් මාවතක් “ වැඩසටහන හරහා අන්තර්ජාතික සබඳතා වර්ධනය කරගැනීම හරහා ආර්ථික දියුණුව ළගා කරගැනීමට අපේක්ෂා කෙරේ. එය ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළෙහි වැදගත් සන්ධිස්ථානයක් බව ද ආචාර්යවරයා අවධාරණය කළේය. මේ හරහා ලෝක ක්‍රමය තුළ චීනයට වඩා හොඳ භූමිකාවක් නිර්මාණය කරගැනීමට අවකාශය ලැබේ.

ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ආගමනය සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වීය ලෙස සබඳතා වර්ධනය කරගැනීමට චීනයට හැකි විය. ලෝකයේ ඇති වන අර්බුදයන්, ‍රාජ්‍යන් අතර ගැටුම්, ව්‍යසන සහ පාරිසරික ගැටලුවල දී ඉතා සංවේදීතාවයක් දක්වන රාජ්‍යක් බවට චීනය පත් කරගැනීමට ඔහුගේ අපේක්ෂාව වී ඇත. මේ ආකාරයෙන් ලෝකයේ සියලු කලාප සමග බහුපාර්ශ්වීය ලෙස සබඳතා වර්ධනය කර ගැනීම තුළ, චීනයේ අනාගතය නිර්මාණය කරගැනීමේ යහපත් දැක්ම ඔහුගේ පාලනය තුළ පෙන්නුම් කෙරේ.

ලෝකයේ බලවතා හා පොලිස්කාරයා බවට පත්ව සිටි ඇමරිකාව සහ යුරෝපා සංගමයට සම්බන්ධ ‍රටවල් වලට තවදුරටත් ලෝක බලවතා ලෙස පෙනී සිටීමේ හැකියාවක් නැත. වේගවත් වර්ධනය හිමි කර ගත් රටක් වන චීනය මේ අභියෝග තුළ සහයෝගිතාවයෙන් කටයුතු කරනු ඇත. සියලුම අංශයන්හි කෙටිකාලීනව අත් කරගත් වර්ධනය තුළ චීනය ලොව සුපිරි බලවතා වීම නොවැළැක්විය හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම