නවීන සහ උසස් තාක්ෂණය දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව රුසියානු ජනපති කියයි
2022-07-19 11:33:57
Share with:

 රුසියාව, නවීන සහ උසස් තාක්ෂණය දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව එරට ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (18)ප්‍රකාශ කළේ, ඇතැම් රටවල් විදේශීය උසස් තාක්ෂණික ක්‍රමවේද ප්‍රවේශය තහනම් කරමින් රුසියාවේ සංවර්ධනය සීමා කිරීමට උත්සාහ කරන නමුත්, ඉහළ තාක්‍ෂණය මැනැවින් සංවර්ධනය කිරීම සඳහා නව විසඳුම් සෙවීම කෙරෙහි රුසියාව අවධානය යොමු කරන බවයි.

උපායමාර්ගික සංවර්ධන සහ ජාතික ව්‍යාපෘති පිළිබඳ රැස්වීමකට සහභාගි වූ පුටින් මහතා, රුසියාවට හුදකලාව සංවර්ධනය විය නොහැකි බව පෙන්වාදී ඇතැයි, රුසියානු ජනාධිපති වෙබ් අඩවියේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම