Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ
2022-07-19 19:54:59
Share with:

Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් 23 වනදා සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වේ.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය අද(19) මේ බව නිවේදනය කළේය. පෙර පැවති සැලසුමට අනුව උළෙල මේ වසරේ සැප්තම්බර් 10 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ.

කෙසේවෙතත් 2022, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල යන නාමය නොවෙනස් වනු ඇත. සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි නොපැවැත්වෙන කාලයක් තෝරාගැනීම සඳහා ගෙවී ගිය මාස දෙක තුළ කවුන්සිලයේ කාරක කණ්ඩායම, චීන ඔලිම්පික් කමිටුව හා Hangzhou ආසියා ක්‍රීඩා උළෙලේ කමිටුව බොහෝ වතාවක් සාකච්ඡා කර ඇත. අවසානයේ කාරක කණ්ඩායම යෝජනා කළ කාලය නිල වශයෙන් සම්මත කෙරුණු බව ආසියා ඔලිම්පික් කවුන්සිලය සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම