පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් ඉදිරි දෙසතිය තුළ මෙරටට
2022-07-19 17:41:01
Share with:

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි. එම පොහොර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ‍යේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.

මේ අතර, 2022/2023 මහ කන්නයට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ‍එක් ලක්ෂ 50,000 ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් කෝටි 11ක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බව ද, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය රජයෙන් මෙරටට ලබා දුන් යූරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට සාර්ථකව සිදුකෙරේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම