චීන විදේශ අමාත්‍යවරයා සහ ප්‍රංශ ජනපතිගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක අතර දුරකථන සාකච්ඡාවක්
2022-07-19 20:04:09
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා  ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතාගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක Emmanuel Bonne  මහතා සමග 18 වැනිදා දුරකථන සංවාදයකට එක්විය.

ජනාධිපති මැක්‍රොන් නැවත තේරී පත්වීමෙන් පසු චීනයේ සහ ප්‍රංශයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාර්ථක දුරකථන සංවාදය උපායමාර්ගික මග පෙන්වීමක් සපයා ඇති අතර, චීන-ප්‍රංශ සබඳතාවල ස්ථාවර වර්ධනයට නව ප්‍රබෝධයක් ලබා දී ඇති බව වං යී මහතා පැවසීය.

දෙපාර්ශ්වයම රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතා කඩිනමින් ක්‍රියාවට නැංවූ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ආරම්භයක් ලබා ගත් බවත්,  පුළුල් මෙන්ම වඩාත් ගතික සංවර්ධනයක් සඳහා ප්‍රංශය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවත් ඔහු කියාසිටියේය.

චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමට ප්‍රංශය විශාල වැදගත්කමක් ලබා දෙන බව එම්මානුවෙල් බොන් මහතා පැවසීය.  ජනාධිපති මැක්‍රොන් ප්‍රංශ-චීන මිත්‍රත්වය සඳහා දැඩි ලෙස කැපවී සිටී.ගුවන් සේවා, කෘෂිකර්මාන්තය, ආහාර සහ බලශක්තිය  වැනි ක්ෂේත්‍රවල චීනය සමඟ ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට, ජෛව විවිධත්ව ආරක්ෂණය සහ දේශගුණික විපර්යාස ඇතුළු ගෝලීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ප්‍රංශය අපේක්ෂා කරයි. 

 චීනය මෙන්ම ප්‍රංශය ද සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා කැපවී සිටින අතර ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වැනි වැදගත් සංකල්පවලට අනුගත වන බව ද බොන් මහතා  පැවසීය.

චීනය සහ ප්‍රංශය බහු-ධ්‍රැව ලෝකයක් කරා යන ක්‍රියාවලියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වන ප්‍රධාන බලවේග දෙකක් බව වං යී මහතා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම