ඇමරිකානු නිලධාරීන්ගේ ප්‍රකාශ "ලෝක පොලිස්කාරයෙකු" ලෙසින් තම ක්‍රියා පිළිවෙත පිළිබිඹු කරන බව චීනය කියයි
2022-07-19 17:35:09
Share with:
ඇමරිකානු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා මෑතකදී පෙන්වා දුන්නේ, චීනය රුසියාවට ආයුධ සැපයීමෙන් හෝ සම්බාධක මගහැරීමට සහය වුවහොත්, ඇමරිකාව සහ එරට සහචරයින්ට ඉහළ වන්දියක් ගෙවීමට චීනයට සිදුවනු ඇති බවයි.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා සඳහන් කළේ, එම නිලධාරියාගේ ප්‍රකාශය මගින් ඇමරිකාව "ලෝක පොලිස්කාරයෙකු" ලෙස ක්‍රියාකරන ආකාරය මනාව පිළිබිඹු වන බවයි.
යුක්රේනයේ ගැටලුවේදී, චීනය සැමවිටම සාමය සහ යුක්ති සහගත පාර්ශ්වයන් සමඟ එක්ව සිටී. යුක්රේන අර්බුදයේ ආරම්භකයා සහ විශාලතම ප්‍රවර්ධකයා ලෙස, ඇමරිකාව තම වැරදි ක්‍රියාවන් ගැඹුරින් මෙනෙහි කළ යුතු බව ද, Zhao Lijian මහතා පැවසීය.