ප්‍රංශ - එක්සත් අරාබි එමීර් නායකයන් බලශක්ති සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතා පිළිබඳ සාකච්ඡාවක
2022-07-19 10:44:26
Share with:

ප්‍රංශයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයෝ බලශක්ති සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කරති.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සහ එරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Mohammed bin Rashid Al Maktoum මහතා අතර හමුවක් ඊයේ(18) පැරිස් නුවරදී සිදුවිය.බලශක්ති සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාව කෙරෙහි එහිදී දෙපාර්ශ්වය අවධානය යොමු කර ඇත.

ප්‍රංශ මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රංශ බලශක්ති දැවැන්තයා වන Total Energies සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාතික තෙල් සමාගම බලශක්ති සැපයුම් සහයෝගීතා ගිවිසුමකට 18 වැනිදා අත්සන් තබා ඇත.දෙරටේ බලශක්ති සම්පත් සහයෝගීතාව සඳහා ස්ථිර මෙන්ම දිගුකාලීන රාමුවක් නිර්මාණය කිරීමට මෙම ගිවිසුම ඉවහල් වන බව ප්‍රංශ රජය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම