චීන, හංගේරියානු විදේශ අමාත්‍යවරුන් දුරකථන සංවාදයක
2022-07-18 11:02:43
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi සහ හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහත්වරු දුරකථන සාකච්ඡාවකට එක්වෙති. 17 වැනිදා පැවති මෙම සාකච්ඡාවේදී  ද්විපාර්ශ්වික සබඳතා සහ යුක්රේන අර්බුදය කෙරෙහි අවධානය යොමුවිය.

යුරෝපයේ සහ හංගේරියාවේ වත්මන් තත්වය, විශේෂයෙන් යුක්රේන අර්බුදය උත්සන්න වීමේ  බලපෑම හේතුවෙන් තම රට මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව හංගේරියානු  විදේශ අමාත්‍යවරයා මෙහිදී විස්තර කළේය.

 හංගේරියානු-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නිරන්තරයෙන් ප්‍රවර්ධනය  සඳහා චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරුවක් පවත්වා ගැනීමට තම රට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය. හංගේරියාව චීන ව්‍යවසායන්ගේ ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර, ඔවුන්ට පහසු මෙන්ම හිතකර පරිසරයක් සපයන බව ද  අමාත්‍යවරයා පැවසීය.

 චීනය හංගේරියාව කෙරෙහි වන මිත්‍රශීලී ප්‍රතිපත්තිය නොසැලී ඉදිරියට ගෙන යන අතර, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවක් සඳහා ධනාත්මක සහ විවෘතව සිටින බව වං යී මහතා මෙහිදී  පැවසීය.

 හංගේරියාව සාධාරණ ස්ථාවරයක් දිගටම පවත්වා ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, චීනය කෙරෙහි ධනාත්මක හා ප්‍රායෝගික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට යුරෝපා සංගමයට සාධනීය බලපෑම් එල්ලකරනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

 චීනය කිසි විටෙකත් යුරෝපයේ විරුද්ධවාදියෙකු නොව, සහයෝගී අවස්ථා ගෙන එන හවුල්කරුවෙකු බව Peter Szijjarto මහතා පැවසීය. අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇතුළත් යුරෝපා-චීන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට හංගේරියානු පාර්ශ්වය දිගටම කැපවී සිටින බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම