ඉන්දියාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම ඇරඹේ
2022-07-18 19:02:09
Share with:

ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ. වත්මන් ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මෙම සතිය අවසානයේදී සිය පස් අවුරුදු ධුර කාලය සම්පූර්ණ කරයි.

රට පුරා ඡන්ද විමසීම 18 වැනිදා ආරම්භ විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල මන්ත්‍රීවරුන්  ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා සිදුකිරීමට නියමිතය.පාර්ලිමේන්තුවේ සහ බොහෝ ප්‍රාන්තයන්හි බහුතර බලය  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සතු බැවින් එම පක්ෂයේ අපේක්ෂක ද්‍රෞපදි මුර්මු මහතා, විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහාට එරෙහිව මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.ද්‍රෞපදි මුර්මු සහ යෂ්වන්ත් සිංහා යන දෙදෙනාම පුළුල් අත්දැකීම් සතු  දේශපාලනඥයෝ වෙති.  මුර්මු මහතා නැගෙනහිර ජාර්කාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රියා කර ඇති අතර, සිංහා මහතා මුදල් අමාත්‍ය සහ විදේශ අමාත්‍ය යන තනතුරු හොබවා ඇත.

ඉන්දියානු ජනාධිපතිවරයා, තේරී පත් වූ නියෝජිතයන් විසින් වක්‍රව තෝරාගැනෙන අතර, එක් එක් ප්‍රාන්තයේ නීති සම්පාදකයන්ට වෙනස් ඡන්ද වටිනාකමක් ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම