නව ජනාධිපතිවරයෙකු වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම හෙට (19)
2022-07-18 17:38:57
Share with:

නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම හෙට (19) සිදුකෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනේ. ඒ සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී ලබන 20 වැනිදා පැවැත්වෙයි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරු මේ වනවිට ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටිති.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම